Colombo Today Local News

ජනපති කොමිෂන් වාර්තාවෙන් මහින්ද, ගෝඨාභය චූදිතයන් කෙරේ.. නඩු පැවරීමට නිර්දේශ

බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සෘජුවම චෝදනා එල්ල කර ඇත.

ජනාධිපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනී ආයතනයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නොතීසිලත් පාර්ශවයන්ට අපරාධ නඩු පවරන ලෙසත්, ‘රක්නා ලංකා‘ සමාගම සහ ‘ඇවන්ට්ගාඩ්‘ මැරිටයිම් සර්විස් සමාගම සම්බන්ධ චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශවයන්ට අපරාධ නඩු පවරන ලෙසත් ජනාධිපති කොමිෂෂන් සභාව අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ (23දා) පාර්ලිමේන්තුවේ සභාගතකළ අතර, එහි මෙම නිර්දේශ සඳහන් වේ.

2015 පෙබරවාරි මසදී ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුවූ මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවද පසුගියදා පාර්ලිමේන්තුවේ සභාපත කරන ලද අතර, එම වංචාව සම්බන්ධයෙන් නම් සදහන්වුණු කිසිදු දේශපාලකයෙකු එම වාර්තාව මගින් චූදිතයන් කර නොතිබිණි.

Related posts

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

colombotoday

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday

බැසිල් රටින් පිටව යයි

colombotoday