බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස්ගේ හිමිකාරීත්වයෙන් යුතු ඉන්ග්රේටඩ් මීඩියා නෙට්වර්ක් පෞද්ගලික සමාගම විසින් මුද්‍රණයක කර බෙදාහරින ජනයුගය “බැදුම්කර පත්තරය“ දිනපතා පුවත්පත අද 24 මුද්‍රණය කර නැතැයි වාර්තා වේ.
මෙලෙස මුද්‍රණ කටයුතු නවතා දමා ඇත්තේ එහි සේවකයන්ට පසුගිය නොවැම්බර් මාසයේද වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් එහි කතෘ මණ්ඩලය සහ මුද්‍රණාල සේවකයන් දියත් කර ඇති වර්ජණයක් හෙයිනි.
විශාල වැටුපක් ගෙවීමේ පොරොන්දුව මත වෙනත් මාධ්‍ය ආයතනවල සේවය කළ මාධ්‍යවේදීන් සේවයට එක් කරගනිමින් මෙම පුවත්පත් ආරම්භ විය.