හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යවනවා නම් යවන්නේ වැලිකඩ පමණක් බව දඹර අමිල හිමියෝ පවසයි.
හොරණදී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමින් එහිමියෝ මේ බව කියා සිටියේය.
ගිය ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ මහතා දේපල අත්පත් කරගෙන ඇත්තේ වෙනත් අයගේ නම් වලට බවත්, එම පුද්ගලයන් දේපළ නැවත මහින්ද රාජපක්ෂ මහතාට නොදීම නිසා දැන් ආරවුල් ඇතිව තිබෙන බවත් එහිමියෝ එහිදි සදහන් කර සිටියහ.