Colombo Today Local News

“මිරිහානේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා”

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පෙරේදා (31)රාත්‍රි පැවති මහජන විරෝධතාවයට සම්බන්ධවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරන බව මානව හිමිකම් කොමිසම පවසයි.

මෙම සිදුවීමට අදාළව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම ලබන අඟහරුවාදා රැස් වන බව එහි ප්‍රකාශකයකු සඳහන් කරයි.

සිය කොමිසම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, එහිදී රජය හෝ වෙනත් පාර්ශවයකින් මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇතිනම්, ඒ පිළිබඳව ගත යුතු නිර්දේශ පිළිබඳව එදිනට අවධානය යොමු කරන බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සියලු පුද්ගලයින්ගේ සියලු තොරතුරු මේ වනවිට මානව හිමිකම් කොමිසම ලබා ගෙන ඇති බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයකින් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් විමර්ශනයක් ආරම්භ කළ හැකි බව ඒම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම වැඩි දුරටත් පවසයි.

Related posts

අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාර

Admin

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

අජිත් රෝහණගේ පෙත්සමට අධිකරණයෙන් දින දෙයි

Admin

මුදල් නි.ඇමති කියන විදියට වැඩ කරනු-මහ බැංකු අධිපතිට දන්වයි

Admin

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දෙදෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday