Colombo Today Local News

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයින් දෙදෙනෙකු කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දිනුකගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බව කියන මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මින් එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 180ක් සහ කඩුවක් සොයාගෙන ඇති අතර අනෙක් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 100ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිස් ස්ථානයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය පැවසීය.

Related posts

කැබිනට් සංශෝධනය ඉරිදා.. දිවුරුම් දෙන්න එන්නැයි ඇමතිලාට දන්වයි

colombotoday

අද සවස 6.00 සිට සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය

colombotoday

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday

රුවන්පුර අධිවේගි මාර්ගයේ වැඩ අගමැති සුරතින් ඇරඹෙයි

colombotoday

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin