Colombo Today Local News

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (1) දින පැවැත්වීමට නියමිතය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ, විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අතර එහි වාර්තාව විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

එම කමිටුවේ සභාපති, වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව කමිටු නිර්දේශ සහ කැබිනට් පත්‍රිකාවක් අද විෂයය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවයි.

Related posts

මුස්ලිම් අම්මයි පුතයි ඩී.එස්.සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති අඩංගු කෑම විකුනලා

colombotoday

“ජනපතිට පොලිසිය ගැන ඕන දෙයක් කියන්න පුළුවන්.. අපට ඒක ප්‍රශ්නයක් නෑ“ – පොලිස්පති

colombotoday

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Admin

ඊළම ඉල්ලන විජයකලා ඇමතිකමින් නෙරපා රටින් පිටුවහල් කරන්නැයි ඉල්ලයි

colombotoday

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday