ආණ්ඩු කිරීමේ කාර්යභාරය ජනතාව තමන්ට පැවරුවොත් ආණ්ඩුවකට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටුකර පෙන්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ජනතාව මෙතෙක් තමන්ට පැවරුවේ විපක්ෂයේ කාර්යභාරය බවත්, විපක්ෂයේ කාර්යභාරය නිසි පරිදි කරන්නේ කෙසේදැයි තමන් ජනතාවට පෙන්වා ඇති බවත් හෙතෙම කියා සිටී.
පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන ජවිපෙ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.