ටිරාන් අලස් මහතාට අයත්ව තිබූ සිලොන් නිව්ස්පේපර් ලිමිටඩ් ආයතනයේ “මව්බිම” සහ ” Ceylon Today” මහරාජා ආයතනය වෙත පවරා දී තිබෙන බවට වාර්තා වනවා.
එම පුවත්පත් දෙක මෙලෙස ලබා දී තිබෙන්නේ ටිරාල් අලස් මහතා මහරාජා අධිපති කිලී රාජාමහෙන්ද්රන් මහතාගෙන් ලබාගත් ණයකට හිලව්වක් ලෙස යැයිද සදහන් වේ.
මේ වන විට එම පුවත්පත් දෙක භාරව සිටින්නේ සිරස ආයතනයේ දෙපානම මැදිරි අධ්යක්ෂ ලෙස කටයුතු කල අශෝක ඩයස් මහතා ය.