ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මින් ඉදිරියට ගමනක් නැති බවත් මේ ඔවුන් මුහුණදෙන අවසන් මැතිවරණය බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකුණමින් ඉදිරියට යා හැකි කාලය සීමා සහිත බවත්, පසුගිය මැතිවරණයේදී රාජපක්ෂ මහතා අගමැති කරන බව පවසමින් ඡන්දය ඉල්ලූ ඔවුන් මෙම මැතිවරණයේදී ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය ඉල්ලන බවද කියා සිටි අමාත්‍යවරයා මීළග මැතිවරණයේදී ඔවුන්ට ඡන්දය ඉල්ලීමට සිදුවනුයේ සියදිවි නසා ගන්නවා කියා යැයිද කියා සිටියේය.
ඇමතිවරයා මෙම අදහල් පලකළේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.