Colombo Today Local News

ජනපතිගෙන් සමාව ගනු ! අගමැති මරික්කාර්ගේ කණ පැලෙන්නම දෙයි

තමන් විසින් ජනාධිපතිවරයාව තියුණු ලෙස විවේචනය කරමින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සමාව ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්ට එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබේ.

අද (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම නියෝගය කර ඇත.

එම රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා දැඩි උපේක්ෂාවෙන් ප්‍රකාශ කර ඇත්තේ එජාපය සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් හටගන්නේ නම් ඉන් වාසි ගනු ඇත්තේ විපක්ෂය බවයි. එහෙයින් අනවශ්‍ය ගැටුම් ඇති කරගෙන විපක්ෂය බලවත් කිරීම නොකළයුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත. එමනිසා තමන් කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා හමු වී අනිවාර්යයෙන් ම සමාව ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාට නියෝග කර ඇත.

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවල නිවාඩු අවලංගු කෙරේ

colombotoday

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

බදුල්ල, මහියංගනය, පානදුර, වැලිගම, මහරගම, අගලවත්ත පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේපයි

colombotoday

ඉතාලියෙන් එවූ මළ සිරුරේ වෙඩි වැදුණු තුවාල

colombotoday

විදේශිකයන් සමග විවහා ලියාපදිංචියට පැවැති බාධා ඉවතට

Admin

2022 දී ලොවපුරා මිලියන 735ක් කුසගින්නේ.. – එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරයි

Admin