Colombo Today Local News

ගාලු මුවදොර අරගලය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් – කොටුව පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්

දින ගණනාවක් තිස්සේ ගාලු මුවදොර පිටියට රැස්වන දහස් සංඛ්‍යාත ජනතාවක් දිවා රෑ නොබලා ජනාධිපතිවරයා ඇතුළු රජයට එරෙහිව දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි යැයි කොටුව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන තරුණ තරුණියක් ඇතුළු විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා ඊට ආසන්න ප්‍රදේශවල තාවකාලික කුඩාරම් ඉදිකර රැඳීසිටීම නිසා මාර්ගයේ ගමන් කරන මගීන්ට හා යාන වාහනවලට දැඩි තදබදයකට මුහුණදීමට සිදුවී ඇති බවත් එකී විරෝධතා ව්‍යාපාරයට එක්වූ පුද්ගලයන් දෙදෙනෙකු හෘදයාබාධවලට ගොදුරුවී මේ වනවිට මියගොස් ඇති බවත් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ අත්සනින් ඉදිරිපත් කළ එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී ඇත.

එලෙස ඇතිවන තදබදය නිසා යම්කිසි කලහාකාරී සිද්ධියක් හෝ දැඩි මහජන පීඩාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව විමර්ශන සිදුකර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව ද අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත ඉදිරිපත් කළ එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබේ.

Related posts

මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණයක්

colombotoday

දේශීයව නිපද වූ නව ඖෂධ තුනක් වෙළඳපොළට

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදය පරම්පරාගත ප්‍රශ්නයක් – එංගලන්තයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

colombotoday

මඩකලපුවේ මොකද වුණේ… ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: ප්‍රකාශයක් ලබා දීමට සංගක්කාර පැමිණේ

colombotoday

ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කළාට ඉවත් වෙන්නේ නැ | ඉවත් වෙන ක්‍රමය මෙන්න.

colombotoday