Uncategorized

“අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් වැඩ කරන්න” – ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ග් එකටත් නව ඇමතිවරුන්ට අවස්ථාව

අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් උපරිමයෙන් කැපවී වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍යවරුන්ගෙන් අද(18)දින ඉල්ලීමක් කළේ‍ය.

ඔහු මෙම ඉල්ලීම කළේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එම අමාත්‍යවරුන් අමතා ප්‍රකාශයක් කරමිනි.

අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැප වන ලෙසටද ජනාධිපතිවරයා නව අමාත්‍යවරුන් ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

බොහෝ ආයතන අද පවතින්නේ දැඩි මූල්‍ය අර්බුදයක බව පැවසූ රාජපක්ෂ මහතා එය නිවැරදි කරන්නැයිද ඉල්ලීමක් කළේය.

ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ග් එකටත් නව ඇමතිවරුන්ට අවස්ථාව තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related posts

එස්.බී.ගෙන් සජිත්ට ප්‍රශ්න 3ක්

colombotoday

පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු මංගල සභා රැස්වීමට සහභාගීවීමට අවසර

colombotoday

කොන්දේසි 13ට යටත්ව TNA සහය සජිත්ටයි !

colombotoday

පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortilla

colombotoday

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

colombotoday

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

colombotoday