Colombo Today Local News

“ශ්‍රීලනිප අපේ සතුරා එජාපයයි.. සහෝදර පක්ෂ නොවේ” ඇමති සුසිල් සම්මුතිය කුඩුවෙන්න දෙයි (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සටන තියන්නේ එජාපය සමග මිස සහෝදර පක්ෂ සමග නොවන ශ්‍රීලනිප ජාතික සංවිධායක, ඇමති සිසුල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුර සල්ගාදු පිටියේ ඊයේ 10 පැවති ශ්‍රීලනිප රැළිය අමතමිනි.

බැදුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලේ විත්තිකරුවන්ට හා වග උත්තරකරුවනට වාසියක් වීමේ ඉඩක් ඇති නිසා බවත් ඔහු කියා සිටියේය.

මේ අතර අද 11 පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ, එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට ප්‍රමාද වන බව දැන දැනම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඊයේ පාර්ලිමේන්තු විවාදයක් කැදවූ බවයි. අග්‍රාමාත්‍යවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් කරන්නට යෑම නිසා අනවශ්‍ය ආකාරයේ ගැටුමක් ඇතිවූ බවත්, බැදුම්කර වාර්තාව තවමත් කිසිවෙකු දැක නොතිබෙන පසුබිමක අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ සිදුකිරීම අනවශ්‍ය ක්‍රියාවත් බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

“මැච් එකෙන් 3/4 ඉවර කලේ Maxxwell නෙමේ, මම” – චන්ද්‍රිකා

colombotoday

නව පොලිස්පති වැඩ භාර ගනී

Admin

කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැති

colombotoday

දිලිදු දරුවන්ට නොමිලේ සීසන් ටිකට්

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

‘අපි දෙන්නා යාළුයි‘… උණුසුම් හාදුවක් සමග මංගලගෙන් රවීට සුබ පැතුම්

colombotoday