Colombo Today Local News

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08)  පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කිරිමට නියමිතය.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරිමත් සමඟ මීට දශක 04කට පෙර අද වැනි දිනක පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය ද සනිටුහන් කෙරෙයි.

එහි සමාප්ති උත්සවයේ සැමරුම් උත්සවය “සාලිස් වසරක මහවැලි අසිරිය” ජාතික මහෝත්සවය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල ජලාශය අසලදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මහවැලි මහ සැලසුමේ අරමුණු සාක්සාත් කර ගැනිමේ ගමන් මගෙහි මුල් ව්‍යාපාරය ලෙස පොල්ගොල්ල බෝවතැන්න හැරවුමේ ඉදිකිරිම් කටයුතු එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1970 වසරේ පෙබවාරි මස 28 වන දින ආරම්භ කළේය.

ඒ අනුව එය 1976 වසරේ ජනවාරි මස 08 වනදා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින් නිල වශයෙන් විවෘත කෙරිණි.

මෙලෙස ආරම්භ කෙරුණු කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අවසාන ව්‍යපෘතිය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි.

2007 වසරේ ජනවාරි මස 25 වන දින වැඩ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය විවිධ හේතූන් මත ප්‍රමාද වූ අතර පසුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික උනන්දුව හා කැපවීම මත යලි සංක්‍රිය කෙරුණි.

අක්කර ලක්ෂ 03ක් අළුතික් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සලසන සහ පුද්ගලයින් ලක්ෂ 03කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහකන්ද කළු ගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදිවූ සුවිශේෂි ව්‍යාපෘතියක් වේ.

නකලස් කඳු නිම්නයේ සිට අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්ද යාබදින් ගලා බසින කළු ගඟ හරස්කර  ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපුවනු ලබයි.

ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ 60,000ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 06 ගුණයක් බවයි වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට අළුතින් දියවර සැපයෙයි.

මෙරට දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වෙල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වෙල්ලක් මෙන්ම පස්වලින් සෑදු යන  වේල්ලක් යන වෙලී තුනකින් යුත් එකම ජලාශය  ද මොරගහකන්ද ජලාශයවිම විශේෂත්වයකි.

Related posts

සීමානීර්ණය මුවාවෙන් ආණ්ඩුව මැතිවරණය මගහරිනවා.. පැෆරල් කෝ.. කැෆේ කෝ.. කෝ මැකෝ

colombotoday

LTTE 2ක් අතුරුදන් වූවාට හමුදාවේ තවත් 11ක් රිමාන්ඩ් !

colombotoday

යහපාලන ඉඩම් කොල්ල නිසා නකල්ස් රක්ෂිතය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

අගමැති රනිල් ජාත්‍යන්තර යෝගා දිනය සමරයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ! – නීතිපති අනතුරු අඟවයි

colombotoday

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධ වලින් කපා සිටි අයෙක් මරුට

colombotoday