Colombo Today Local News

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

දකුණු මුහුදේ සිදුකල වැටලීමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 06 දෙනෙකු ගමන්ගත් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් සහ අයිස් වර්ගයේ බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 25 ක් ඒ අතර වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව – රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අද (13) අලුයම මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකාර ධීවරයක් පිරිස සහ යාත්‍රාව ගාල්ල වරාය රැගෙන එමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී අදාළ මත්ද්‍රව්‍ය වර්ග කුමක්ද – සැබෑ බර ප්‍රමාණය සහ වටිනාකම තක්සේරු කළ හැකි බව කපිතාන් ඉන්දික සිල්වා වැඩිදුරටත් පැවසීය.

Related posts

LTTE සංඥා අංශයේ සාමාජිකයකු ජීව අත් බෝම්බයක් සමග කොටු

colombotoday

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday

කිසිම වාහනයක අවභාවිතා වෙලා නෑ ජනාධිපති ලේකම් කියයි

Admin

ෆොන්සේකාට ඇමතිකමක් දුන්නොත් විජේදාස ඉල්ලා අස්වීමට සැරසේ

colombotoday

ඇමතිගේ වගකීම විදුලි බල මණ්ඩල සභාපති බාරගෙන ඉල්ලා අස්වෙයි.

colombotoday