Colombo Today Local News

ඇමතිගේ වගකීම විදුලි බල මණ්ඩල සභාපති බාරගෙන ඉල්ලා අස්වෙයි.

powerlines-620x360

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර සේනක විජයපාල මහතා පවසනුයේ රට පුරා විදුලිය විසන්ධිවීමේ සිද්ධිය ගැන තමා ලජ්ජාවට පත්වන බවයි. විදුලිය ලැබුණු වහාම තමා පදවියෙන් ඉල්ලා අස්වන බව ඔහු කියයි.
පසුගිය මාස හයේදී තෙවරක්ම විදුලිය බිඳ වැටීමේ වගකීම තමා බාරගන්නා බවද ඔහු පවසයි.

විජයපාල මහතා 1991 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විදුලි ඉංජිනේරුවරයකු විය.
ට්‍රාන්ස්ෆෝමර් නිර්මාණ ඉංජිනේරුවරයකු ද වන ඔහු ලක්දනවි ඩීසල් බලාගාරයේ ව්‍යාපෘති ඉංජිනේරුවරයා වූ ඔහු මොරටු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ද විය. 2011 ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති වූ විජයපාල මහතා ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරු කර්මාන්තයේ 20 වසරක පළපුරුද්දක් ලබා සිටියෙකි.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේත් අන්තර්ජාතික වෘත්තීය ඉංජිනේරු ආයතනයේත් සාමාජිකයකු වන ඔහු ශ්‍රී ලංකාවේත් එතෙරත් උපදේශක සේවාවන්හි යෙදී ඇත.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

ගොඩබෑම අත්හිටවූ ලිට්‍රෝ නැවත තත්ව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

දුමින්ද දිසානායකට එරෙහිව විනය  ක්‍රියාමාර්ගයක්

Admin

එජාප මන්ත්‍රි චමින්ද විජේසිරි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට පහර දෙයි

colombotoday

20 විරෝදය හකුලා ගත් බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

colombotoday

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday