Colombo Today Local News

විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට විපක්ෂ නායක අත්සන තබයි

සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනඑන විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ගෙනඑන දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අත්සන තබා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12)දින සිය මන්ත්‍රී කණ්ඩායම සමග විපක්ෂ නායක කාර්යාලයේදී ඊට අත්සන් තබා ඇත.

ආණ්ඩුවට එරෙහිව මහපාරේ අරගල කරන ජනතාවගේ හදගැස්ම සමග සමගි ජන බලවේගය එකට හිටගන්න බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර ඇත.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ලබාගැනීම උදෙසා කටයුතු කරන බවද විශ්වාසභංගයට සහ දෝෂාභියෝගයට අමතරව විසි වැනි සංශෝධනය ආපසු හරවා 19 වැනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග හරහා සියලු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ලබාගැනීම වෙනුවෙන් අරගල කිරීම සිදුකරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.

Related posts

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

colombotoday

මේ රට අනාගමික රාජ්‍යයක් කරන්න හදන්න එපා.. ව්‍යවස්ථා නිර්දේශ ගැන බෙල්ලන්විල හිමි ජනපතිගේ මූණටම කියයි

colombotoday

මඩකළපුව සියොන් දේවස්ථානයේදී පාස්කු වින්දිතයින් සැමරේ!

colombotoday

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

colombotoday

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

colombotoday