Covid 19

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
වාර්තාවන පරිදි ඇගේ දරුවන් දෙදෙනාටද, කොරෝනා වැළඳී තිබෙන අතර ප්‍රතිකාර සඳහා තමා ඉක්මණින්ම යොමුවන බව ඇය ඊයේ (13)දින දහවල් කළ විමසුමකදී සඳහන් කර ඇත.

වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ලොව පුරා අවධානය දිනාගත් මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකාට පසුව රිදී පදක්කම ප්‍රදානය කෙරුණි.

ඇය දිනා ඇති ලෝක ශූරතා පදක්කම් ගණන 02කි.

Related posts

තවත් කොවිඩ් රෝගීන් 376 ක්

colombotoday

බස්නාහිරින් නුවරඑලියට ආ 15 ක් නිරෝධායනයට

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

හබරාදූව විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13ට කොවිඩ්

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday