Colombo Today Local News

නිවසේදී මියගිහින් රෝහලට රැගෙන ආ මළ සිරුරක් අතුරුදන්

නිවසේදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොරෝනා පරීක්ෂාවක් සඳහා ඇල්පිටිය රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ ඌරගස්මංහදිය අටේ කණුව ප්‍රදේශයේ පදිංචි කේ.වී. ප්‍රේමතිලක නමැති 77 හැවිරිදි පුද්ගලයකුගේ මෘත දේහයකි.

කොවිඩ් පරීක්ෂාවේදී මියගිය පුද්ගලයාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුවීමෙන් අනතුරුව එය රෝහලේ සුළු සේවකයෙකු විසින් ඔහුගේ දියණියට භාරදී ඇති බව පොලීසිය පවසයි.

එහෙත් ඥාතීන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන්ට මෘත දේහය නොලැබුණු බවයි.

කෙසේ වෙතත් ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ එම මෘත දේහය මේ වනවිට නොමැති බව ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

Related posts

ඉන්දු – ලංකා ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මහ බැංකු නිවේදනයක්

Admin

කවර තත්ත්වයක් යටතේවත් ගබ්සාව එපා – කතෝලික සභාව රජයට එරෙහි වෙයි

colombotoday