අද (12) ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර දිස්ත්‍රික්ක 08 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට පැනවු නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කර තිබේ.
ඒ අනුව කොළඹ , කළුතර , මහනුවර , බදුල්ල , කෑගල්ල , කුරුණෑගල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට පැනවු නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 01 දක්වා ක්‍රියාත්මක වනු ඇති.