හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරණ පව් ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ සණස ශාලාවේ පැවති විද්වත් හමුවකට එක්වෙමිනි.
යහපාලන ආණ්ඩුවට තවම බෝක්කුවක්වත් නිර්මාණය කිරීමට නොහැකි වූයේ රාජපක්ෂ කාල වකවානුව තුළදී කෙටිකාලිනව ජොලියට ගත්ත ණය නිසා බවද ඔහු එහිදී පැවසීය.
පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමය තුළදී ඔවුන් මේ රට ණය උගුලක සිරකර ඇති බවත් , ඔහු සදහන් කලා . රාජපක්ෂ පවුලේ ඇති දූෂණ ,වංචා හේතුවෙන් මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් මේ තත්වයට ඔවුන් සම්පූර්ණයෙන්ම වග කිව යුතු බවටයි ඔහු අවධාරණය කලේ .