Colombo Today Local News

පන්දම දෙකඩ වෙයි.. ෆොන්සේකා රනිල් සමග යයි.. ‍ගෝලයන්ගෙන් පිරිසක් මහින්දට

fonseka 262

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැර එහි සාමාජිකයන් සියළු දෙනා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ගත යුතු යැයි පක්ෂ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (04දා) පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එහි සාමාජිකයන්ට පවසා ඇත. එම තීරණයට කෘත්‍යාධිකාරී මන්ඩල සාමාජිකයන්ගෙන් පිරිසක් දැඩි ලෙස විරෝධය දක්ව ඇති අතර මෙම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙකඩ වී කොටසක් එජාපයටද, අනිත් පිරිස එකාබද්ද විපක්ෂයටද දෙකඩ වී යෑමේ තත්වයක් උදාවී තිබෙන බව වාර්තා වේ.

සරත් ෆොන්සේකා මහතාට එජාප යේ ප්‍රබල තනතුරක්ද, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පුරප්පාඩු වී ඇති එජාප යේ ආසන සංවිධායක ධුර සහ ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට අවස්ථාව දෙන බව පොරොන්දු වී ඇති බැවින් පක්ෂය විසුරුවාහැර සියලු දෙනා එජාපය එක්විය යුතු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ෆොන්සේකා මහතා පවසා ඇත.

ඒ අනුව එකඟතා ලියවිල්ලක් මත මේ මස අග සතියේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බවට ෆොන්සේකා මහතා සඳහන් කළ අවස්ථාවේදී බහුතර කෘත්‍යාධිකාරී සාමාජිකයන් පිරිසක් එම තීරණයට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර, ඉතිරි තවත් සාමාජිකයන් පිරිසක් ඊට විරෝධය පළ කර තිබේ. එක්සත් ජාතික පක්ෂය සමග එක්වන පිරිස එජාප සාමාජිකයන් ලෙසද, මෙම තීරණයට විරෝධය පළ කළ පිරිස ඒකාබද්ධ විපක්ෂයටද එක්වන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් නොපවතින බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Related posts

අන්තිම මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීමට ඉන්දීයාව කල උත්සාහයක් ගැන හෙළිදරව්වක්…

colombotoday

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

colombotoday

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday

‘පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ කරන්න… සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ’

Admin

අත්අඩංගුවට පත්වූ ෆාතිමා වමාරයි… ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ, බුදු පිළිම කැඩූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අල්ලයි….

colombotoday

පොලිස් නිලධාරිනියට සද්දේ දැමූ හොර දොස්තර කූඩුවට

colombotoday