ArticlesColombo Today Local News

ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධාන

ct233

අයිසිස්‌ ත්‍රස්‌තයන් විසින් පැරිසියේ බැට්‌කාලන් රඟහලට එල්ල කළ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 130 ක්‌ මියගොස 100 කට අධික පිsරිසක්‌ තුවාල ලැබූහ. බ්‍රසල්ස්‌a නුවර සැවෙන්ටම් ගුවන්තොටුපළට හා මෝල්බීක්‌ උමං දුම්රියපළට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 34 ක්‌ මියගිය අතර 275 කට අධික මගින් පිරිසක්‌ තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරයේදී තුවාල ලත් අයගෙන් 61 කගේ තත්ත්වය බරපතළ බව අනාවරණය විය. එහෙත් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, බෙල්ජියම, ඇතුළු රටවල් ජිනීවා මානව හිමිකම් 31 වැනි සමුළුවට කිසිදු යෝජනාවක්‌ ගෙන ආවේ නැත. මානව හිමිකම් කොමසාරිස්‌ සයිද් රාද් හුසෙන්ද අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ කෲර ක්‍රියාවන්ට එරෙහිව කට ඇරියේ නැත.

මේ ප්‍රහාර ගැන අපි වගකියන්නෙමු යෑයි අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය කියා සිටියේය. එහෙත් වගකිවයුත්තන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද? මානව හිමිකම් ගැන කිඹුල් කඳුළු හෙළන චැනල් ෆො රූපවාහිනි සේවාවේ කැලම් මැක්‌රේ, හිටපු බීබීසී වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් දකුණු අප්‍රිකානු හිටපු අගරදගුරු ඩෙස්‌මන්ට්‌ ටුටු, හිටපු යුරෝපා මන්ත්‍රී රොබට්‌ස්‌ ඊවන්ස්‌ මුළුමනින්ම නිහඬ වී ඇත.

දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පවා අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරය පිළිබඳව දැඩි නිසලතාවක්‌ පළ කර ඇත.

මේ ත්‍රස්‌ත ප්‍රහාර ගැන විමර්ශනය කරන විට අයිසිස්‌ ත්‍රස්‌තයන් ආදර්ශය ගත්තේa ප්‍රභාකරන්ගේ ත්‍රස්‌ත ප්‍රහාර සැලසුම්ය. සැවෙන්ටම් ගුවන්තොටුපළට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයත් කටුනායක ගුවන්තොටුපළ ට එල්ල වූ ප්‍රහාරයේත්a සමානකම් දැක්‌වේ.

කොටුවේ දුම්රියපළට එල්ල වු ත්‍රස්‌ත ප්‍රහාරය හා බ්‍රසල්ස්‌ හි උමං දුම්රියපළට එල්ලවූ ප්‍රහාරයද එකිනෙකට සමානය. මේ නිසා ත්‍රස්‌තවාදයේ පුරෝගාමියා වූ ප්‍රභාකරන්ගෙන් ලත් ආදර්ශ අයිසිස්‌ ත්‍රස්‌තයන්ද භාවිත කර ඇත.

මේ පසුබිම මැද යුqqරෝපයට එල්ල වී ඇති ත්‍රස්‌ත ප්‍රහාරයන්ට මග පාදා ඇත්තේ යුරෝපා රටවල් බව පැහැදිලිය. ඕනෑම ත්‍රස්‌තයකුට මානව හිමිකම් මුවාවෙන් දේශපාලන රැකවරණ දීමට යුරෝපා රටවල් ක්‍රියා කළේය. යුරෝපා මානව හිමිකම් අධිකරණය ත්‍රස්‌තවාදීන්ට මානව හිමිකම් ලබාදෙන තීන්දු ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එසේම ත්‍රස්‌තයන්ටත් ඉඳුම් හිටුම් ලබාදෙමින් පිං පඩියක්‌ ද දීමට ක්‍රියාකරනු ලැබීය. ඇමරිකාව චෙච්නියානු, සොහොයුරන්ට දේශපාලන රැකවරණ දෙමින් බොස්‌ටන් මැරතන් තරඟයේ බෝම්බ පිපිරී ඉල්ලා ගෙන කෑවේය. බෙල්ජියම ද කාලිද් හා ඉබ්‍රාහිම් නමැති සොහොයුරන්ට බ්‍රසල්ස්‌ ගුවන් තොටුපලේම රැකියාවන් ලබාදී විනාශයක්‌ කර ගත්තේය. මින් සනාථ වන්නේ බටහිර රටවල මානව හිමිකම් දැන් එම රටවලට පාරාවලල්ලක්‌ වී ඇති බවයි.

එහෙත් කිසිදු රටක්‌ මානව හිමිකම් කවුන්සිලය වෙත අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව යෝජනාවක්‌ ගෙන ආවේ නැත. ඊජිප්තුවේ සිට පිටත් වූ රුසියානු ගුවන් යානාවේ බෝම්බයක්‌ දවටා එම යානාව විනාශ කිරීමෙන් පසු “මානව හිමිකම්වලට මුවාවී ත්‍රස්‌තයන් විනාශකාරී ක්‍රියාකරන බව බටහිර රටවල් තේරුම් ගත යුතුව තිබුණි. එහෙත් මේ දක්‌වාම එම රටවල් පාඩමක්‌ ඉගෙන ගෙන නැත. අයිසිස්‌ ත්‍රස්‌තයෝ ලිබියානු නුවර ඇමරිකානු කොන්සල්වරයා තානාපති කාර්යාලයෙන් ඇදගෙන ගොස්‌ ඝාතනය කරද්දී ඇමරිකානු රජය බලා සිටියහ.

මේ ක්‍රියාදාමයන්ට හේතු වූයේ ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන් හා ලිබියානු නායක කර්නල් ගඩාපි ඝාතනය කිරීමයි. මෙම රාජ්‍ය නායකයන් දෙදෙනා ඝාතනය කිරීමේ ප්‍රතිඵලය අයිසිස්‌ ත්‍රස්‌තයන් බිහිවීමයි. ඔවුන් ඝාතනය වීමෙන් පසු ඇමරිකාව ටියුනීසියාව හා ඊජිප්තුව යන රටවල පිහිටි ඇමරිකන්a කෝනර් කාර්යාල ආණ්‌ඩු පෙරළීමේ අරාබි වසන්තය නමැති මෙහෙයුම දියත් කළේය. මෙම ඇමරිකන් කෝනර් කාර්යාලයක්‌a යාපනයේද ස්‌ථානගත වී ඇත. එවන් කාර්යාලයක්‌ ත්‍රිකුණාමලයේ ද ස්‌ථාපිත කිරීමට ඇමරිකානු බලධාරීන් උත්සාහ කර තිබුණි.

ටියුනීසියාවේ ආණ්‌ඩුව පෙරළීම අරාබි වසන්තය විය. මෙම අරාබි වසන්තය ගැන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ද අත්පොළොසන් දෙමින් පිළිගනු ලැබීය. එක්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ පැවසුවේ ශ්‍රී ලංකාවේ ද අරාබි වසන්තයක්‌ බිහි කිරීමට හැකි නායකයකු නැති බවයි.

මේ අතර ත්‍රස්‌තවාදයේ බියකරුකම තේරුම් ගත් ප්‍රංශ බලධාරීන් සැඟවී සිටින ත්‍රස්‌තයන්ට වෙඩි තබා මරා දැමීමට ක්‍රියා කර ඇත. එහෙත් අපේ රටේ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සිදු කළ කොටි ත්‍රස්‌තයන්ට නිදහස දිය යුතු යෑයි මානව හිමිකම් කවුන්සිලය මෙන්ම බටහිර රටවල් ඉල්ලා ඇත. බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක්‌ බව මින් සනාථ වේ.

යුරෝපා රටවල ත්‍රස්‌ත ප්‍රහාරවලට සම්බන්ධ වුවත් ත්‍රස්‌වාදීන් ලෙස හඳුන්වද්දී මෙරට ත්‍රස්‌ත ක්‍රියා සිදු කළ ත්‍රස්‌තයන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ඇත.

මේ පසුබිම මැද යුරෝපයට එල්ලවී ඇති ත්‍රස්‌ත තර්ජනය හමුවේ රාජ්‍ය නොවන සංවිධාන ගැන මානව හිමිකම් ආරක්‍ෂකයන් යෑයි හඳුන්වා ගන්නා පාර්ශ්ව මුනිවත රකී. ඊට හේතුව වූයේ ඔවුන් අයිසිස්‌ ත්‍රස්‌තයන්ට ඇති බිය නිසාය.

Related posts

එජාපය නැමැති දේවාලයෙන් ඉවත්ව ජනතාවාගේ ප්‍රශ්න විසඳන්න බෑ

colombotoday

ජිනීවා සමුළුව ලං වෙද්දී අන්තවාදීන් ජාතිවාදය අවුස්සනවා.. හැමදාම ඔහොමයි – ජනපති කියයි

colombotoday

අගමැති උදේ පාන්දරම මැතිවරණ නීති කඩයි.. මැ.කො. ගේ නියෝග නොතකා කළ වැඩේ මෙන්න

colombotoday

රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්

colombotoday

චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමේ තීරණයක්

colombotoday

තක්සේරු වටිනාකමටත් අඩුවෙන්, කුණු කොල්ලයට ඉන්දියාව මත්තල ගන්න හදයි !

colombotoday