Colombo Today Local News

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් සිය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස සහ අලුත් අවුරුදු බෝනස් දීමනාව නොලැබීම මුල් කර ගනිමින් සේවක වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (11) දින උදෑසන 9.30 පමණ සිට ආරම්භ කර තිබේ.

මෙම වැඩවර්ජනයට සහ උද්ඝෝෂණ ව්‍යාපාරයට පක්ෂ සහ වෘත්තීය සමිති භේදයකින් තොරව සමස්ථ ගුවන් තොටුපළ සේවකයින්ම එක්ව සිටි.

මෙම සේවක වැඩවර්ජනය සහ උද්ඝෝෂණ ව්‍යාපාරය නිසා ගුවන් තොටුපළ දෛනික රාජකාරී වලට සහ ගුවන් ගමන් මෙහෙයුම් සදහා මේ වනතෙක් බාධා ඇති වී නොමැති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි.

මේ වන විට මෙම සේවක වෘත්තීය සමිති නායකයින් සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් ද ආරම්භ වී තිබේ.

Related posts

“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත

colombotoday

කොරෝනා යැයි සැකපිට 23ක් IDH රෝහලේ !

colombotoday

‘ළඟදිම ඡන්දයක් දිනා ගන්නවා’

Admin

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

colombotoday

බිළිඳු මළසිරුරක් රාජගිරියෙන්

Admin