Colombo Today Local News

සංවර්ධනය මීටත් වඩා වේගවත් කළ හැකියි.. එසේ නොකරන්නේ “වෙනස” රැකගත යුතු නිසයි – අගමැති

වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන සංවර්ධන කටයුතු මීටත් වඩා වේගවත් කළ හැකි නමුත්, වේගයෙන් ඒ වැඩකටයුතු කිරීමේදී අප කල වෙනස ආරක්ෂා කරගැනීමට නොහැකි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩුව කිසිවක් නොකළා යැයි චෝදනා කරන අයට පසුගිය වසර දෙක තුළ සිදුකළ දේවල් පිළිබඳව සංඛ්‍යා ලේඛන ලැයිස්තු සහිතව පෙන්වා දීමට හැකි බවද අගමැතිවරයා කියා සිටී.

පසුගිය දින මහරගම එජාප ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

වැරැදි තිබෙනවා නම් එම වැරැදිවල වගකීම භාරගනිමින් විවිධ අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තරම් සාධාරණ ක්‍රමවේදයක් අපි මේ රටේ ඇති කර තිබෙනවා. අපට විරුද්ධව චෝදනා තිබෙනවා නම් ඒවා පිළිබඳව පරීක්ෂණ කළ යුතුයි. අප පළමුවෙන් අපේ වැරැදි අවබෝධ කර ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේම පසුගිය පාලන සමයන්වල සිදු වූ අපරාධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමටත් කටයුතු කරනවා.

නඩු විභාග කර අවසන් වුණත් දඬුවම් ලබාදීම ප්‍රමාද වන්නේ ඇයි දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. නමුත් රටේ අධිකරණ පද්ධතියට බැහැරව කටයුතු කිරීමට කිසිවකුටත් නොහැකියි. එම නිසා රටේ අධිකරණ පද්ධතියේ ක්‍රියාවලිය තුළින්ම මෙම නඩු විසඳීම සහ දඬුවම් ලබාදීම කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ.

උතුරේ ඇතැම් ස්ථානවලින් හමුදාව ඉවත් කළ හැකි බව යුද හමුදාපතිවරයාද පැවැසුවා. ඒ අනුව එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට නැවතත් ඒවා ලබාදීමට හැකි වෙනවා. අද මත්තල ගුවන් තොටුපොළේත් හම්බන්තොට වරායෙත් ණය අවසන් කරමින් ඒවා නැවත ලබාගැනීමට අපට හැකි වී තිබෙනවා.

පැවැති රාජපක්ෂආණ්ඩුවේ ‘සුදු අලි’ අපේ ආණ්ඩුව යටතේ ආර්ථික සංවර්ධනයට යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා.

Related posts

පරාජයෙන් පසු ජනපති නැවතත් ජනතාව හමුවට.. විශේෂ ප්‍රකාශයකට සූදානම්

colombotoday

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

ගාලු මැයි රැළියේ සංවිධාන වැඩවලට සජින් වාස් එයි.. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය

colombotoday

ණය ගැන සාකච්ඡා කරන්න චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් දිවයිනට

Admin

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin