Colombo Today Local News

ජනපති පන්නා දැමූ සුසිල් ප්‍රේමජයන්ත උසාවි යන බව කියයි.

රාජ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීම තමාට ලොකු දෙයක් නොවන බවත් නීතිඥයකු වන තමා හෙට සිට අධිකරණයේ රාජකාරියට යන බවත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍යවලට අදහස් දක්වමිනි.

සුසිල් ප්‍රේම ජයන්ත මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

“රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා මට ආරංචි වුණා. මට ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් එච්චර ලොකු දේවල් නොවෙයි. මම ඇමතිවරයෙක් වුණේ 2000 අවුරුද්දේදී ජනාධිපතිවරු තුන්දෙනෙකු යටතේ මම වැඩකරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවා. ඒක තමයි නීතිඥ වෘත්තිය. මම හෙට ඉඳලා එකේ එම වෘත්තියේ කටයුතුවල යෙදෙනවා.”

Related posts

ශ්‍රී ලාංකික කාන්තාවක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට

colombotoday

කිළිනොච්චියේ ඉපැරණි නටඹුන් ස්ථානයක් ඩෝසර් කරයි… ඩෝසර් කරන හැටි බලන්න TNA මන්ත්‍රීත් එයි…

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

දිවයිනට පැමිණි ගෑස් නැවක සාම්පල පරීක්ෂාකෙරේ

colombotoday

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin