Colombo Today Local News

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

උතුරු, නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා ‘සංහිඳියාවේ නාළිකාව’ නමින් නව රූපවාහිනීනාළිකාවක් ශ්‍රීලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක්ද ලබාදී ඇති අතර, නව නාළිකාවට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ මේ වනවිටත් ඇනවුම් කර ඇතැයි සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (20දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

මෙම නාළිකාව සඳහා උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදිකිරීමට චාවකච්චේරිය ප්‍රදේශයේ මීසාලෛයි වීරසිංහම් මධ්‍ය විද්‍යාලය පවත්වාගෙන යනු ලබන ඉඩමෙන් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන්කර දී තිබේ. එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පවරාගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍යඅමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ජාතික සංහිඳියාව ගොඩනැංවීමේදී පිටිවහලක් වන බැවින් ‘සංහිඳියාවේ නාළිකාව’ ආරම්භ කිරීමට රජය තීරණය කළ බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Related posts

හම්බන්තොට නිවාස අහිමි වූ පවුල් 97කට රජයෙන් ඉඩම්

Admin

වරාය සේවකයින් වැඩ වර්ජන නවතා දැමීමට එකඟ වෙලා

colombotoday

TOP 10 ලයිස්තුවේ රවී ඉදිරියෙන්… බිලියන 10ක වංචාවක් ගැන චෝදනා !

colombotoday

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday

ඇවන්ගාඩ් ව්‍යාපාරය විනාශ කළාට මිලියන 840ක් වන්දි ගෙවන්න වෙයි.. අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

මේ සිකුරාදාට අර්ථිකයකට වෙන දේ මෙන්න.. විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් !

colombotoday