Colombo Today Local News

යහපාලනය යටතේ ණය බර දෙගුණයකින් ඉහළට.. ඒක පුද්ගල ණයබර හය ලක්ෂයට නගී !

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙවුණ තුන්වසරක කාලයේදී අයවැය හිඟය පියවීමට ලබාගන්නාල ලද ණය හා ලබන වසර වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙන ණය ප්‍රමාණය ඇතුළුව එම සිවුවසරේ ඒකපුද්ගල ණය බර රුපියල් 327,972 ක් වී ඇතැයි වාර්තා වේ.

ඉකුත් රාජපක්ෂ පාලනය ඇරඹීමට පෙර ඒක පුද්ගල ණය බර පැවැතියේ රුපියල් 112,239 ක් ලෙසය. දස වසරක රාජපක්ෂ පාලනය අවසන්වන විට එය රුපියල් 348,627ක් ලෙස වර්ධනය වී තිබිණි.

කෙසේවුවද, රාජපක්ෂ පාලනය පැවැති දසවසරට ම එකතුවී තිබූ මුළු ඒකපුද්ගල ණය බර රුපියල් 236,388කි.

ඒ අනුව යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රාජපක්ෂ පාලනයට වඩා අදාළ සිවුවසරක කාලය සඳහා වැඩි ණය ප්‍රමාණයක් ගෙන ඇති බව පෙනෙන්නට ඇතැයි ආර්ථික විශෙෂඥයෝ කියති.

ඇස්තමේන්තුගත ආකාරයට 2018 වසරේ ණය ලබාගත හොත් එම වසර අවසන්වන විට ඒකපුද්ගල ණය බර 676,599ක් වනු ඇතැයිද පැවසේ.

Related posts

“විමල්ට එරෙහි සියලු චෝදනා අවුරුද්දට පෙර ගොණු කරන්න“ අගමැතිගෙන් උපදෙස්

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

colombotoday

ඇමරිකාවත් සෙලවෙයි

Admin

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

නව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය – ගම්මන්පිල සහ රමේෂ් සම-කැබිනට් ප්‍රකාශක ධූරවලට

colombotoday