විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
ඔහු සමග ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතාද ජනාධිපතිවරයා මුණ ගැසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.