Colombo Today Local News

උතුරේ දේශපාලන පෙරළියක්.. ටී.එන්.ඒ. දෙදරයි.. පක්ෂ කිහිපයක් ඉවත් වී නව සන්ධානයක් හදයි !!

දෙමළ ජාතික සන්ධානය සමග කටයුතු කළ පක්ෂ කිහිපයක් ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙන අතර, එම පක්ෂ එකතුවෙන් නව සන්ධානයක් වශයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ සියළු පක්ෂ ‘දෙමළ විමුක්ති සංවිධානය‘ ලෙස සන්ධානගත වී ඇති අතර ‘සූර්යයා‘ ලකුණෙන් ඉදිරි මැතිවරණයට ඉදිරපත් වන එම සන්ධානයට, ආනන්ද සංගරිගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය මේ වන විටත් සම්බන්ද වී ඇති අතර, ඉදිරියේදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංක දෙමළ කොංග්‍රසය, ටෙලෝ සහ ප්ලොට් සංවිධානයද එක්වීමට නියමිතය.

ඒ සමග පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් රැසක්ද නව සන්ධානය සමග එක්වීමට සූදානමින් සිටින බව පැවසේ.

දෙමළ ජාතික සන්ධානයේ වැඩි බහුතරයක් සහිත තමිල් අරුසකච්චි පක්ෂය 80% ක ආසන අනුපාතයක් ඉල්ලීමත් සමග අනෙකුත් පක්ෂ ඊට විරෝධය පළකර ඇති අතර සන්ධානයේ දෙදරායෑමට හේතුව වූයේ එයයි.

ඒ අනුව ‘තමිල් අරුසකච්චි‘ පක්ෂය පමණක් දෙමළ ජාතික සන්ධානයේ ඉතිරිවීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, උතුරු නැගෙනහිර පළාත්වල දේශපාලන බලය හිමි දෙමළ ජාතික සන්ධානයට නව සන්ධානයෙන් ප්‍රභල අභියෝගයක් එල්ලවනු ඇති බවට මත පළවෙති.

Related posts

ඒකාධිපති කියන ව්‍යවස්ථාව ප්‍රේමදාස, චන්ද්‍රකා, සිරිසේනට හොඳ වුණා නම් ජනාධිපති ගෝඨාභයට හොද නැත්තේ ඇයි?

colombotoday

රන්ජන් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

පුංචි ඡන්දයට පෙර ඒකාබද්ධයේ 10ක් හිරගෙට !!

colombotoday

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

අන්තිම මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීමට ඉන්දීයාව කල උත්සාහයක් ගැන හෙළිදරව්වක්…

colombotoday