Colombo Today Local News

පුංචි ඡන්දයට පෙර ඒකාබද්ධයේ 10ක් හිරගෙට !!

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් 10 දෙනෙක් එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර සිරගත කිරීමේ සුදානමක් පවතින බව පාර්ලීමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමිනුයි.

අධිකරණ අමාත්‍ය ධුරය ලබාදී ඇති ඇමතිනි තලතා අතුකෝරාල ද ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හා දුෂණ චෝදනා එල්ල කළ ටොප් 10 අතර සිටින බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

වර්තමාන අධිකරණ අමාත්‍ය ධුරයට ඇය පත්වීමත් සමග ඇයට එරෙහි චෝදනාවලට විමර්ශන කොමිසමෙන් නඩු පැවරීමක් සිදු නොවන බවද හෙතෙම කියා සිටියේය. කෙසේ වුවත් පලාත් පාලන මැතිවරණයට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් 10 දෙනෙක් සිරගත කිරීමට නව අධිකරණ අමාත්‍යවරිය බාරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

Related posts

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

colombotoday

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ – ලාල් කාන්ත

colombotoday

“සටන ඕනනම් අපි ලෑස්තියි” – ජනපතිට එරෙහිව වික්‍රමබාහු කඩුව වනයි (Video)

colombotoday

ජාතික රූපවාහිනි, ITN, සැලසිනේ මුල් පුටු වෙනස් කෙරේ

colombotoday

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

colombotoday

විදුහල්පති සම්මුඛ පරීක්ෂණයට කැඳවීම 22 සිට ඇරඹේ

Admin