Colombo Today Local News

ආණඩුවේ අමතර වියදම්වලට රුපියල් කෝටි 1100ක් ඉල්ලා පරිපූරකයක්

පළාත් පාලන ආයතන බදු සහ බදු කුලී සඳහා යැයි පවසමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය ඔක්තෝබර් මාසය තුළ පමණක් වැය කළ රුපියල් හය කෝටි හැට ලක්ෂ හතළිස් දහසක අතිරේක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (05) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි.

ඉහත වැය කිරීමට අමතරව තවත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ගණනාවක් විසින් ඔක්තෝබර් මාසය තුළ අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් කෝටි එක්දහස් එකසිය හැත්තෑ හතර ලක්ෂයක මුදලක් වැය කළ බව මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් දක්වා ඇත.
එහිදී ඇස්තමේන්තු ගත රජයේ ණය මුදල ඉක්මවා අතිරේකව ගෙවූ මුදල සඳහා රුපියල් එකසිය හැට හත්කෝටි විසි නව ලක්ෂයක් ඔක්තෝබර් මාසය තුළ ගෙවා ඇත.

රිදියගම රැඳවුම් මධ්‍යස්ථානයේ යාචකයින් පුනරුත්ථාපනය සඳහා එම මාසය තුළ රුපියල් කෝටියක මුදලක්ද එම මධ්‍යස්ථානයට ගිලන් රථයක් හා කුඩා ට්‍රක් රථ දෙකක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ අනූවක්ද වැය කර ඇති බව පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වේ.
තවද මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට ගෞරව පිණිස ස්මාරකයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් කෝටි තුනක ප්‍රතිපාදන ජනාධිපති වැය ශීර්ෂයෙන් වෙන්කර ඇති බවද දැක්වේ.

Related posts

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

නව ව්‍යවස්ථාවක මුලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

colombotoday