Colombo Today Local News

ශ්‍රීලනිප – ඒකාබද්ධ සාකච්ඡා බිද වැටේ.. ඒකාබද්ධය තනිවම ඡන්ද සටන අරඹයි.. ඊයේ ගත් තීරණ මෙන්න

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ දෙපාර්ශවය අතර ඊයේ 28 පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වී ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සාකච්ඡාවට ශ්‍රීලනිපය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එක්ව සිටියහ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි සහභාගී විය.

එක්ව තරග කිරීමටනම් දෙසැම්බර් 09 වැනිදා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බවත්, ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවටත් ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් කර තිබූ යෝජනාව ශ්‍රීලනිපය විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණය තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීන්දු රැසක් ගෙන ඇත.

නාමයෝජනා කැදවා ඇති පළාත් පාලන ආයතන 93 සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අදාළ නාම යෝජනා පත්‍ර ලබන 04 වනදා වන විට සකස් කර අවසන් කිරීමටත්, ලබන 5 වැනිදා සිට අදාළ නාමයෝජනා පත්‍රවලට අපේක්ෂකයන්ගේ අත්සන් ලබ ගැනීමටද තීරණය වී ඇත.

අද 29 සහ හෙට 30 දිනවලදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමග සාකච්ඡා කිරීමටද නියමිත අතර, දෙසැම්බර් පළමුවැනිදා සහ දෙවැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් යළි රැස්වීමටද නියම කරගෙන ඇත.

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමද ඊයේ දිනයේ සිදුව ඇත.

Related posts

“මහින්දව නොමග යැව්වේ ඔහු වටේ සිටි අයයි“ දිගු නිහැඩියාවකින් පසු ශිරන්තිගෙන් ආන්දෝලනාත්මක කතා ගණනාවක්

colombotoday

හුදකලා කර තිබූ වැලිඔය වතුයායේ පිරිසක් උද්ඝෝෂනයක

colombotoday

ETCA එන්නත් කලින්.. විදේශිකයන් තුන් ලක්ෂයක්, අඩු කුලියට මෙරට කම්කරු වැඩවල

colombotoday

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

අල්ලස් ගත් ඉඩම් නිලධාරියයෙක් අත්අඩංගුවට

colombotoday

2017 දී දැනුම් දුන් තුර්කි ත්‍රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා – වසන්ත සේනානායක

colombotoday