Colombo Today Local News

අල්ලස් ගත් ඉඩම් නිලධාරියයෙක් අත්අඩංගුවට

රුපියල් 100,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත, එරාවුර්පත්තු චෙන්කල්අඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද (22) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

මඩකලපුව ආරියම්පදි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඔප්පුවක් සකස් කිරීම සඳහා අවශ්යඅ රාජකාරි කටයුතු සිදුකරදීම වෙනුවෙන් මෙම අල්ලස ඉල්ලා, එය ලබා ගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්විය.

මූලික විමර්ශන කටයුතුවලින් අනතුරුව සැකකරු මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

IMF එකට රටෙන් යන්න කාලය එළැඹීල – හිටපු මුදල් රවී රවී කරුණානායක කියයි

colombotoday

පලාලි ගුවන්තො සංවර්ධනය ඉන්දියාවට…

colombotoday

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

colombotoday

උ/නැගෙනහිර එක්කරනු.. ෆෙඩරල් දෙනු – විග්නේෂ්වරන් පරණ තැටියම වයයි

colombotoday

යළි වැසි වැඩි වන ලකුණු

colombotoday

පැය 24ක් තුළ දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1700ක් අත්අඩංගුවේ

colombotoday