Colombo Today Local News

කොටි මහවිරු දිනය “ජාතික මහවිරු දිනය“ ලෙස නම් කෙරේ.. උතුරේ මහ ඉහළින් සැමරුම්

කොටි මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ කොටි මහවිරු සොහොන් ආශ‍්‍රිතව දෙමළ තරුණ තරුණියන් විවිධ සැරසිළි සිදුකරන ආකාරයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

උතුරු පළාත් ප‍්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත අතර, යාපනය,මුලතිව්, වවුනියාව හා මන්නාරම දිස්ත‍්‍රික්කයන්හි පිහිටි මහවිරු සොහොන් ආශ‍්‍රිතවද මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නියමිත බවද උතුරේ ජනතාව පැවසූහ.

උතුරු පළාත් ප‍්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, කනගපුරම් මහවිරු වැඩසටහන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා විසින් පැවැත්වීමට නියමිත බව කිලිනොච්චිය ප්‍රෙද්ශ වාසින් සදහන් කරයි.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම වෙනුවෙන් කිසිවෙකුගෙන් අවසරය ලබා ගැනීම අවශ්‍ය නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන් මීට පෙර ප්‍රකාශ කළේය.

කොටි මහවිරු පවුල්වල සාමාජිකයින්ගේ ප‍්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් වැඩසටහන් පැවැතවීමට නියමිත බවද පැවසේ.

Related posts

රන්ජන් කියන්නේ බොරු… නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනිය පිළිතුරු දෙයි

colombotoday

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday

ආබාධිත රණවිරුවන් නැවතත් රවට්ටලා.. පත්තරෙන් දකින්න පෙර ඇවිත් බලන්නැයි ඥාණසාර හිමි ජනපතිට කියයි (VIDEO)

colombotoday

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබන සතියේ සිට

colombotoday

මියන්මාර මුස්ලිම් ජාතිකයන් 32ක් රැගෙන ලංකාවට හොරෙන් ආ බෝට්ටුවක් අල්ලයි

colombotoday

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

colombotoday