Colombo Today Local News

බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව හා ජපාන තානාපතිවරු හදිසියේම විදේශ ඇමති හමුවෙයි.

බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව හා ජපානය නියෝජනය කරමින් කොළඹ රැඳී සිටින තානාපතිවරුන් හදිසියේම වෙන් වෙන්ව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුවීම් සිදු වූ අතර බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව, හා ජපානය සමඟ ශ්‍රී ලංකාව පවත්වා ගෙන යන ආර්ථික, සමාජ, දේශපාලන, හා අනෝන්‍ය සහයෝගීතාවන් වර්ධනය කර ගැනීමත්,කොවිඩ්-19 වසංගතයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදවා ගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට මෙම රටවලින් ලබා ගත හැකි සහයෝගයන් පිළිබඳවත් මෙම හමුවේ දී දෙපාර්ශ්වයම වැඩි අවධානයක් යොමු කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

මේ අතර ලබන 9 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ජපානය, බංග්ලාදේශය සහ කොරියාව යන ආසියාතික රටවල ස්ථාවරය මෙතෙක් හෙළි කර නොමැති අවස්ථාවක මෙම විදේශ අමාත්‍යවරයා මෙම හමුවීම පැවැත්වීම විශේෂත්වයකි.

Related posts

තිළිණි ප්‍රියමාලි කල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

Admin

ඇමතිනී තලතා, ඇමති ඩිලාන්ගේ මහාපරිමාණ මූල්‍ය වංචාවක් සාක්ෂි සහිතවම හෙළිකරයි

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

colombotoday

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday

පාස්කු ආධුනික ලියවිල්ලෙන් මතුවන්නේ බොදු බල සේනා සංවිධානය කෙරේ පෞද්ගලික වෛරයකින් කටයුතු කරන්නෙකුයි.

colombotoday