Colombo Today Local News

ඇමතිනී තලතා, ඇමති ඩිලාන්ගේ මහාපරිමාණ මූල්‍ය වංචාවක් සාක්ෂි සහිතවම හෙළිකරයි

පසුගිය කාලයේදී විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය තුල සිදු වු රුපියල් මිලියන 247.6 ක් වංචාවට හිටපු විදේශීය රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩීලාන් පෙරේරා මහතා සම්බන්ධ බව සති අග ඉංගිරිසි පුවත් පතක් වන සන්ඩේ ලීඩර් පුවත්පත සාක්ෂි සහිතව කරුණු වාර්තා කොට තිබුණි.

හිටපු අමාත්‍යවරයා විසින් සිදු කල වංචනික ගනුදෙනු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් එම පුවත්පතේ පලකොට තිබු අතර වර්තමාන විදේශ රැකියා ප්‍රවර්ධන ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය විසින් මෙම වංචා සම්බන්ධ විගණන වාර්තා සියල්ලම මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය FCID වෙත බාරදි ඇති බව සඳහන් කොට ඇත.

විදේශ රැකියා සඳහා විශේෂයෙන්ම මැදපෙරදිග රටවලට යවන ශ්‍රමිකයන්ට අයත් රුපියල් මිලියන 247.6 ක් හිටපු අමාත්‍යවරයා විසින් මෙසේ වංචා කොට ඇතිබවට සාක්ෂි ඇතත් මේ දක්වා හිටපු ඇමැතිවරයාගෙන් අවම වශයෙන් කට උත්තරයක්වත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය FCID ගෙන නොමැති බව එම පුවතින් සඳහන් කරයි.

එම පුවත මගින් සඳහන් කරන්නේ මෙම විශේෂ පොලිස් ඒකකයේ පිහිටුවීමට මූලික අරමුණ වූ මූල්‍ය වංචා සම්බන්ධව විමර්ශනය කිරිම,මේ රජයේ තුල තනතුරු දරන ඇමතිවරුන් සම්බන්ධව තිබෙන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට අපොහොසත් ව ඇති බවත් එහෙත් රජයට විරුද්ධ පාර්ශවයන් ගෙන්වා විමර්ශනය කොට සිරගත කිරිම් කරන බවයි.

එමෙන්ම හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා විදේශ රැකියා සඳහා විශේෂයෙන්ම මැදපෙරදිග රටවලට යවන ශ්‍රමිකයන්ගේ සුභ සාධනය සඳහා තිබු රුපියල් මිලියන 247.6 වංචා කොට තම පුද්ගලික සුභ සාධනය සඳහා යොදවා ගැනිම හරහා කල මිලියන ගනනාවක විශාල මූල්‍ය වංචාව මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය FCID විසින් විමර්ශනය නොකිරීම එම කොට්ටාශයේ ස්වාධීනත්වය සම්බන්ධව ගැටලුවක් පැන නගින බව එම පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.

සන්ඩේ ලීඩර් අනාවරණය මෙතනින් බලන්න

Related posts

රෝසිගේ පුතාගේ නමත් බැඳුම්කර වාර්තාවේ – සංවාදය මෙන්න

colombotoday

බස්නාහිර තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

අවිනීත රියදුරෙක් රාජගිරියේදී ජීවිත දෙකක් බිලිගනී

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලකට විකිණීම නියාමනයට ඇමතිගෙන් උපදෙස්

Admin

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ ජෙරම්ගේ පෙත්සම කැඳවයි

Admin