Colombo Today Local News

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ ජෙරම්ගේ පෙත්සම කැඳවයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05)දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබේ.

ඒ එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇති ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දැක්වීමට අවස්ථාව අයැද සිට ඇත.

එම ඉල්ලීමට පෙත්සම්කාර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විරෝධය පළකර තිබේ.

මේ පිළිබඳ කරුණු විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුළු වෙලාවකට කල් තබා තිබේ.

Related posts

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

colombotoday

“ලංකාවේ ඊළම හදන්න ඇපකැප වෙනවා” තමිල්ණාඩු ද්‍රවිඩයන් කුලප්පු කර ජයලලිතා ඡන්ද ගරයි

colombotoday

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

යාපනය පුරා යතුරුපැදි කල්ලි.. පොලීසිය කලබල වී වෙඩි තැබුවේ ඒ නිසයි – ඇමති සාගල

colombotoday

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

colombotoday

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරයි

Admin