මහබැංකු බැදුකර වංචාවේ චූදිත අර්ජුන් ඇලෝසියස් තමන්ටද දුරකථනයෙන් ඇමතූ බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහුගේ මාධ්‍ය ජාලය භාවිතා කර තමන්ට ප්‍රචාරයක් ලබා දීමට සූදානම් බව ඔහු කියා සිටි බවත්, මෙම දුරකථන ඇමතුමේ හඩ පටය තමන් සතුව පවතින බවත් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටී.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස තුනක් ඇතුළත මහා වංචාවක් සිදුව ඇති බව මුළු ලෝකයම පිළිගනිද්දී, හොරෙක් සුද්ද කිරීමට තමන් කිසි දිනෙක ඉදිරිපත් නොවන බවද ඔහු සදහන් කරයි.