Colombo Today Local News

“‘ආවා‘හැදුවේ ගෝඨාමයි“ උතුරු ආණ්ඩුකාරයා නෑ කියද්දීත් රාජිත හත්පොළේ දිවුරා කියයි

rajitha

උතුරේ ක්‍රියාත්මක වන “ආවා ගෘප්“ මැර කල්ලිය නිර්මාණය කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි තමන් දැඩිව විශ්වාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සමස්ථ හමුදාව “ආවා“ කල්ලිය සමග සම්බන්ධ බවට තමා ප්‍රකාශ නොකළ බවත්, එය නිර්මාණය කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සමීපව සිටි හමුදා නිලධාරියෙකු යැයිද අමාත්‍යවරයා කියයි.

කෙසේ වෙතත් “ආවා“ කල්ලියට හමුදාව සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ “ඇට්ටි වැටෙන කාලෙට ලපටි කුක්කන් පැන පැන බිරුවද මෝරපු බල්ලන් එසේ කලබල නොවන්නා සේ“ ඇතැම් පුද්ගලයන් දේශපාලන වාසි තකා කරන ප්‍රකාශ ගණන් නොගත යුතු බවයි.

උතුරු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන රාජිත ඇමතිවරයා පවසන්නේ තමා මෙවැනි දේ පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ ඊට අදාළ සියලු දේ පිළිබඳ හොදින් දැනුවත් වී බවයි.  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රෙජිනෝල්ඩ් කුරේ වැනි බොහෝ පිරිස් ගෝඨාභය භීතිකාවෙන් පෙළෙන බවයි.

මේ අතර යාපනයේ ක්‍රියාත්මක “ආවා“ කල්ලියට යුද හමුදාවේ හෝ දේශපාලනඥයිගේ සම්බන්ධයක් නොමැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ගම්පහ ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇත.

Related posts

රට වෙනුවෙන් කොටියාට වම් ඇස දුන් රණවිරුවාගේ දකුණු ඇසටත් කදුළුගෑස් ප්‍රහාරයෙන් හානි

colombotoday

පියෙක් දියණියත් රැගෙන දුම්රියට පනී

Admin

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

දුමින්ද සිල්වා ව ජනාධිපති නිදහස් කළා. – අද එලියට එනවා. | බන්ධනාගාර ඇමති තහවුරු කරයි.

colombotoday

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin