Colombo Today Local News

FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට !!

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.කේ. ප්‍රියන්ත මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි පොලිස්පතිවරයා නියෝගයක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග උපුටා දක්වමින් එජාපය ට හිතවත් පුවත් අඩවියක් වාර්තා කර තිබේ.

හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීම පමා කලැයි චෝදනා කරමින් විෂයභාර අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නියෝගයක් මත මෙම අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම වාර්තාව පවසයි.

ගාමිණී සෙනරත් මහතාව වහාම අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තු විසිනි. ඒ අනුව ඔහුට කට උත්තරයක් ලබා දීමට FCIDට පැමිණෙන ලෙස දැනුම් දී ඇති FCID අධ්‍යක්ෂවරයා එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබී ඇත. එහෙත් ගාමිණි සෙනරත් මහතා FCID නොපැමිණ සැගවී සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

කෙසේ වුවද ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රිමාන්ඩ් බාරයේ පසුවේ.

ගාමිණී සෙනරත් අත්ඩඅඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පොලිස් විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාටත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාවත් මාධ්‍ය විවේනයට ලක් වූ අතර, ඔහු සාගල රත්නායක හා වජිර අබේවර්ධන මහතාගේ නිවසේ සැගවී සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

එසේ වුවද සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බවයි.

 

Related posts

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධුරය යළිත් දයාසිරිට

Admin

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

colombotoday

මෙවැනි හේතුවලට ඇමතිලා අස්වෙන්නේ ආණ්ඩුව හොද නිසා

colombotoday

සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් 50ක බලපත්‍ර කොවිඩ් ලෝකයෙන් තුරන් වනතෙක් අත්හිටුවයි

colombotoday

ඥාණසාර හිමියන්ට ලබා දුන් දඩුවම ගැන එක්නැළිගොඩ බිරිඳ සතුට පළකරයි

colombotoday