හිටපු ජනාධිපතිනී, ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලයේ සභාපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර හමුවක් නිව්යෝක් නුවරදී සිදුව තිබෙන බව ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලය පවසයි.
රජය විසින් සංහිදියා ශක්තිමත් කිරීමට ගන්නා වූ ක්රියාමාර්ග හා ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබදව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් කිරීමට හිටපු ජනාධිපතිනිය කටයුතු කර තිබේ.