Colombo Today Local News

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ද නිරන්තර අවධානයෙන් සිටින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිසියට උපදෙස් ලබා දුන්නේය.

කොරෝනා රෝගයට පොලිස් නිලධාරීන් 11700 ගොදුරු වී ඇති අතර එයින් 28 දෙනකු මිය ගොස් තිබෙන බවද වීරසේකර මහතා කීය.

කොරෝනා කාලයේ වුවද මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වලට හිස එසවීමට ඉඩ දිය යුතු නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ක්‍රියාන්විත රාජකාරි අතර පොලිස් නිලධරයකු අභාවයට පත් වුවහොත් ඔහුගේ නියමිත කාලය අවසන් වන තුරු පවුලේ අයට සම්පූර්ණ වැටුප දීම සඳහා සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ලෙසද අමාත්‍යංශ ලේකම් වරයාට වීරසේකර මහතා උපදෙස් ලබා දුන්නේය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙි බව පැවසීය.

Related posts

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday

මත් ජාවාරම්කාරියගේ කෝටියක මුදල් කොල්ල කන්න ගිය හොරු අල්ලයි

Admin

කොළඹ මුහුදු තීරයේදී විදේශීය නැවක් ගිනි ගනී..

colombotoday

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

සූදු ක්‍රීඩා කල සමගි ජන බලවේගයේ අපේක්ෂක ඇතුළු පිරිසක් රිමාන්ඩ්

colombotoday

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා

colombotoday