Colombo Today Local News

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

එළඹෙන 09 වන දා සිට දිවයිනේ පෙට්‍රල් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංසථා පරිශ්‍රයේදී අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් සැපයුම් පද්ධතියට එක් කළේ නම් පවතින තත්වයට වඩා දරුණු අර්බුදයක් ඇති විය හැකි බවයි.

ලංකා ඛණිජතේල් සංස්ථාව ඇනවුම් කරන ලද පෙට්‍රල් නැව කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත්තේ ලබන 09 වැනිදා බවට පැවසේ. මෙසේ පැමිණීමට නියමිතව ඇත්තේ neverskalady නැමති නෞකාව වන ඇතර එය 09 වැනිදා අලුයම 00.30ට ලංකාවට පැමිණීමට නියමිතය.

අද දිනයේත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා වෙයි.

චන්ද්‍රිකා දත්ත වාර්තා අනුව නැව පිහිටි ස්ථානය

Related posts

ජනපති නියෝගයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවයි…

colombotoday

හෙරොයින් එක්ක ලාන්ස් කොප්‍රල්වරයෙක් මාට්ටු

Admin

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

යාපනයේදී කේරළ ගංජා කිලෝ 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලයි

colombotoday

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

Admin