Colombo Today Local News

භික්ෂූන් වහන්සේට ඇති ජනතා ගෞරවය නැති කරන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්.. බෙල්ලන්විල හිමියෝ හෙළිකරති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනටමත් හදා අවසන් බවත්, එය සම්මත කරගැනීම සදහා සැලසම් ක්‍රියාත්මක වී තිබෙන බවත් ආණ්ඩුවේ ප්‍රධානියෙකු තමන් වහන්සේ සමග පැවසූ බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති.

ව්‍යවස්ථාවට විරෝධය පළකරන මහා සංඝරත්නය හා උන්වහන්සේලා සම්බන්ධ ආගමික ආයතන ජනතාව අතර අපකීර්තියට පත්කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුවේ ප්‍රබලයන් ආරම්භ කර තිබෙන බවත් එහිමියන් පවසති.

දලදා මාලිගාවට කෝටි ගානකට ඇතෙක් ගෙනාවේ යයි එල්ල වන චෝදනාව සම්පුර්ණයෙන් අසත්‍ය බවත් එය එම රජයේ පරිත්‍යාගයක් බවත් උන් වහන්සේ සදහන් කරති. ‘මූට මේ වෙලාවෙ ගහල දාපං’ යයි කියමින් මෙම වැඩපිලිවෙල ආරම්භ කර ඇත්තේ අකුරු තුනක නමක් සහිත ආණ්ඩුවේ ප‍්‍රධානියෙක් බවද උන් වහන්සේ කියා සිටියහ.

මේ ආකාරයේ කැත වැඩ මීට පෙර කිසිදු ආණ්ඩුවකින් සිදු නොකල බවද සදහන් කරන එහිමියෝ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටද කොලේ වහලා කරන සැලසුමක් ඇතැයිද සදහන් කරති.

Related posts

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 32 කට නඩු

colombotoday

‘ඕන ගොනා‘ පුවතින් මුස්ලිම් පෙම්වතා කිපෙයි.. තොරතුරු දුන් අය සොයා අමාත්‍යාංශය පීරයි !

colombotoday

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday

මර්වින් මෛත්‍රී අතහැර රනිල්ගේ ඔඩොක්කුවට පනී.. රනිල්ට රට කරන්න දී මෛත්‍රීට බලාගෙන ඉන්න කියයි

colombotoday

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද?

colombotoday

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday