Colombo Today Local News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම සහ වසරක් සඳහා තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

(1) රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම යටතේ,

📌 2022 අප්‍රේල් 01 සිට 2022 ජුනි 30 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර කල් ඉකුත්වන දිනයේ සිට මාස 06 කින් දීර්ඝ කෙරෙනු ඇති.

📌2022 ජුලි 01 සිට 2022 සැප්තැම්බර් 30 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර කල් ඉකුත් වන දිනයේ සිට මාස 03 කින් දීර්ඝ කෙරේ (මින් පෙර දින දීර්ඝ කිරීම තුළින් ලබා දී ඇති සහන කාලයන් අනුව ඉහත දිනවලදී අවලංගු වන රියදුරු බලපත්‍ර ද ඇතුළත් වේ.)

2) තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම

📌 තාවකාලික රියදුරු බලපත්‍රය සඳහා ආරක්ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් පොලිස් දෙපාර්තමේන්තුවට හඳුන්වාදීමට ද කටයුතු කෙරෙනු ඇති.

( 3 ) දැනට නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වසරක වලංගු කාලයක් සහිත නව තාවකාලික රියදුරු බලපත්‍රයක් තැපැල් මගින් බල පත්‍රලාභියාට ලබා දේ

(4) යථා තත්ත්වයට පත්වීමෙන් පසුව අදාළ කාඩ්පත් මුද්‍රණය කර ඉල්ලුම්කරුවන්ගේ නිවසටම රියදුරු බලපත්‍රය ලබා දීමට කටයුතු කරන බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

බේරුවල පුද්ගලයාගෙන් 16 දෙනෙකුට කොරෝනා බෝ වෙලා

colombotoday

ඇස්ට්‍රාසෙනිකා ශ්‍රී ලංකාවට නොලැබෙන හැඩ.

colombotoday

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය රාත්‍රි කාලයට පමණයි

colombotoday