පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඔනෙලා ඉරේෂා ද සිල්වාට ඇප හිමිවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවක සැකකාරියක් වන ඇය කටුනායක ගුවන්තොටුපළේදී අද අළුයම අත්අඩංගුවට පත්විය.
ඇය නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන සමාගමක අධ්යක්ෂවරියක ලෙස කටයුතු කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණේ 2015 වසරේ ය.