Colombo Today Local News

යුද අපරාධ ලොක්කා මේ සතියේ ලංකාවට එයි.. කොටි ඩයස්පොරාව, NGO සතුටින් !!

යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණෙනු ඇත. ඔහුව මෙරටට එවන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.

ලබන 10 වැනිදා සිට 23 වැනිදා දක්‌වා ඔහු මෙරට රැඳී සිටිනු ඇත.

සංක්‍රාන්ති අධිකරණය පිළිබඳ නිසි බලධාරී ලෙස මානව හිමිකම් කවුන්සිලය හඳුන්වන ග්‍රෙයිප් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් සංචාරයේ යෙදෙන ප්‍රථම අවස්‌ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණය කිරීම, නව ත්‍රස්‌ත මර්දන පනත නිරීක්‍ෂණය කිරීම හා හමුදාව යටතේ ඇති ඉඩම් විමර්ශනය කිරීම යන කරුණුද පැබ්ලෝ ඩී ග්‍රෙයිප්ගේ විෂය පථයට අයත්වේ.

පැබ්ලෝ ඩී. ග්‍රෙයිප්ගේ පැමිණීම කෙරේ කොටි ඩයස්‌පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන දැඩි ප්‍රසාදය පළකර තිබේ.

ඔහු රැඳවුම්භාරයේ සිටින කොටි ත්‍රස්‌තවාදීන් ගැන ද විමර්ශනය කෙරේ.

ඔහු විසින් කෙටුම්පත් කෙරෙන විමර්ශන වාර්තාව 2018 මාර්තු මස පැවැත්වෙන 37 වැනි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙනු ඇත.

කීර්ති වර්ණකුලසූරිය

දිවයින

Related posts

‘රාජපක්ෂලා, මෛත්‍රීට සහයනොදීම බරපතල අපරාධයක්’ – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

12,000 ක් සිටිය යුතු බන්ධනාගාරයේ‍ 25,300ක් රඳවලයි ඉන්නේ

colombotoday

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන පැමිණිලි කරන්න විශේෂ වැඩපිළිවෙළක්

Admin

පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91ක් අත්අඩංගුවට

colombotoday