හම්බන්තොට වරයා සහ මත්තල ගුවන්තොටුපොළ විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය මේ වන විට ආරම්භ කර ඇත.
මේ වන විට, හම්බන්තොට හා ඒ අවට ප්රදේශවල විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර කරළි මර්ධන ඒකකයද කැදවා ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. හම්බන්තොට මූලස්ථාන පොලිසියට රැස්වූ තංගල්ල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීහු රාජකාරි සඳහා ස්ථානගත කර ඇති අතර හම්බන්තොට මාගම්පුර වරාය, හම්බන්තොට ෂැංග්රල්ලා හංදිය, කටුවැව හංදිය අසල පොලිසිය රැකවල්ලා සිටියි.
හම්බන්තොට නගරයේ විරෝධතා පැවැත්වීම වලක්වමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර ඇත.