සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන ලොව සෑම රටකම සෑම කඩයකින්ම බියර් සහ වයින් මිලදී ගත හැකි වුවත් ඒ සදහා බලපත්‍ර ලබාගත යුතු වන්නේ ලංකාවේදී පමණක් බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
එබැවින් වයින් සහ බියර් අලෙවිය සදහා වන බලපත්‍ර ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, මෙවර අයවැයෙන් ඒ පිළිබදව ආණ්ඩුවේ තීරණය ඉදිරිපත් කරන බවද ඇමතිවරයා කියා සිටියේය.
හෙතෙම මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහා ඇසු පැණයකට ඊයේ (22) පාර්ලිමේන්තුවේදි පිළිතුරු දෙමිනි.